දේශීය පුවත්

භික්ෂූන් වහන්සේලාත් රක්ෂණය කරන්න වෙලා

14.5Kviews

මේ වන විට භික්ෂූන් වහන්සේලාගෙන් 90%ක් රක්ෂණය වී නොමැති බැවින් රජයේ වියදමින් භික්ෂූන් වහන්සේලා රක්ෂණය කිරීමට තීරණය කර ඇති බව බුද්ධ ශාසන අමාතය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසයි.

පසුගිය 27 වෙනිදා අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහනායක හිමිපාණන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

“අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දියත් කළ සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන යටතේ පිරිවෙන්වල සාමණේර භික්ෂූන් වහන්සේ ද ආරක්ෂණයට ලක්වෙනවා. නමුත් මෙරට මහා සංඝරත්නයෙන් 90% ක පමණ පිරිසක් රක්ෂණයට ලක්වෙලා නැහැ. ඒ නිසා සියලුම මහා සංඝරත්නය රක්ෂණය කරන අතර ඊට රජයෙන් රුපියල් මිලියන පහහක මුදලක් හිමි වී තිබෙනවා.

බුද්ධශාසන අමාත්‍යාංශයේ සතු තවත් මුදලක් ද මෙම රක්ෂණාවරණය සඳහා දායක කර ගත හැකි වේ. රක්ෂණ සමාගම් වෙත මෙම මුදල් යොමු නොකර පාලක මණ්ඩලයක් මගින් නීතියානුකූල ක්‍රමයකට ආරක්ෂණ වැඩපිළිවෙළ දියත් කරනවා” යැයි ද අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Response