දේශීය පුවත්

පක්ෂයේ අර්බුද විසඳන්න බැරිව රනිල් තිරුපති යයි

137views

එජාප ජනාධිපති අපේක්ෂකයා හැකි ඉක්මනින් නම් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ශව ගණනාවකින් දැඩි බලපෑම් එල්ල වෙමින් තිබේ. එම පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයක් යෝජනා කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරන ලෙසයි. කෙසේ වෙතත් අගමැතිවරයාට සමීපතම පිරිසක් යෝජනා කර ඇත්තේ ඔහුටම ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙසයි.

පවතින ව්‍යාකූල තත්ත්වය මත ජනාධිපති අපේක්ෂකත්වය කථානායක කරු ජයසූරිය මහතාට ලබා දිය යුතු යැයි තවත් පිරිසක් යෝජනා කර ඇත. මේ තත්වය මත අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ මස අග භාගයේදී ඉන්දියාවේ තිරුපති කෝවිලේ විශේෂ පූජාවක් පැවැත්වීමට පිටත්ව යාමට නියමිතය. එමෙන්ම එම කාලයේදී අගමැතිවරයා ගුරුවාරය් හින්දු කෝවිලේ විශේෂ පූජාවකටද සහභාගිවීමට වීමය සැලසුම් කර ඇත. එම පූජාව අලුයම් කාලයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

පවතින අර්බුදකාරී තත්වය සමනය කර ගැනීම සඳහා දේවාශිර්වාදය ලබා ගැනීම මෙම ඉන්දීය සංචාරයේ අරමුණ බවද දැනගන්නට ඇත.

Leave a Response