විදෙස් පුවත්

ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් 20ක් මිය යයි

146views

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ එල් පාසෝ නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 20 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් 26 දෙනෙකු තුවාල ලබා තිබේ. මෙය ටෙක්සාස් ප්‍රාන්ත ඉතිහාසයේ අවාසනාවන්තම සිදුවීමක් බව එහි ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට් පවසයි.

ඇමරිකානු – මෙක්සිකානු දේශසීමාවට සැතපුම් කිහිපයක් දුරින් සියෙලෝ විස්ටා සාප්පු සංකීර්ණය අසල වොල්මාට් සමාගමේ ගබඩාවක මෙම වෙඩි තැබීම සිදුව තිබේ. මෙම වෙද්දී තැබීම සම්බන්ධයෙන් 21 හැවිරිදි පැට්‍රික් කෘසියස් නැමති තරුණයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. CCTV කැමරා දර්ශන මඟින් තුවක්කුකරු හඳුනාගෙන ඇති අතර රයිෆල් වර්ගයේ තුවක්කුවක් වෙඩි තැබීම සඳහා යොදාගෙන තිබේ. 

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ එය බියගුළු ක්‍රියාවක් බවයි. ටිවිටර් පණිවිඩයක් තබමින් වැඩිදුරටත් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කරන්නේ මෙම වෛරී ක්‍රියාව හෙළා දැකීමට මේ රටේ සියලු දෙනා සමඟ තමන්ද සිටින අතර අහිංසක මිනිසුන් ඝාතනය කිරීම යුක්ති සහගත කිරීමට කිසිදු හේතුවක් හෝ නිදහසට කරුණක් නොමැති බවයි. 

මෙම අවසනාවන්ත සිදුවීමට මෙක්සිකානුවන් තිදෙනෙකුද මුහුණ දී ඇති බව මෙක්සිකානු ජනාධිපති මැනුවෙල් ලෝපේස් සඳහන් කර ඇත. 

Leave a Response