ව්‍යාපාරික

වතුර බෝතල්වලටත් තහනම් නියෝගයක් එයි

145views

පානීය ජල බෝතල්වල වැස්මේ ඇති පොලිතින් අසුරනය තහනම් කරමින් නියෝගයක් පනවා ඇති  බව මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පවසයි. ඒ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ අද(05) පැවති මාධ්‍ය හමුවකදීය.

පානීය ජල බෝතල් වල ඇති වැස්මේ තිබෙන පොලිතින් ආවරණය මගින් සිදුවන පරිසර හානිය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම ලා නිල් පැහැති සහ වර්ණ ගැන්වූ පානීය ජල බෝතල් වෙළඳපොළෙන් ඉවත් කිරීමට  කඩිනම් පියවර ගන්නා බවත් ඔහු එම මාධ්‍ය හමුවේදී පැවසීය.

Leave a Response