අදහස්

‘ජාතික ජන බලවේගය’ දීර්ඝ සාකච්ඡාවක ප්‍රතිඵලයක්

340views

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ හර්මන් කුමාර ‘ජාතික ජන බලවේගය’ ගැන කියයි

ඔබ නියෝජනය කරන ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය දිගින් දිගටම ධීවර ප‍්‍රජාවට එල්ල වන අනතුරක් ලෙස ‘පෝර්ට් සිටි’ ව්‍යාපෘතිය නම් කළා. ඒත්එය නෑසූකන්ව සිටි ජනතාවට දැන් තම දෑස් මතම මීගමුව වෙරළ මහ මුහුදට ගසාගෙන යන ආකාරය දකින්න පුළුවන්. දැන් මොකක් ද මෙහි තත්ත්වය ?

දැන් තත්ත්වය භයානකයි. ඔබ කියන ලෙසම දැන් මීගමුව සහෝදර ධීවර ජනතාවගේ නිවාසදේපළඉඩකඩම් මුහුදට ගසාගෙන යන්න පටන් අරන්. මේ ක්ෂණික ප‍්‍රතිඵලය. ඔය තත්ත්වය තවත් විශාල වෙලා දකින්න පුළුවන් වෙන්නේ ධීවරයා නෙළන මත්ස්‍ය අස්වැන්න ඉක්මනින්ම අඩු වෙන්න පටන් ගත්තහම.

අපි දන්නවාමාළුන්ට ප‍්‍රජනනයටබිත්තර දාන්නමාළු පැටවුන්ට වර්ධනය වෙන්න අත්‍යවශ්‍ය තැන් තියෙන්නේ මුහුදේ කොරල්පර අතර කියලා. ඔබ කියන ‘පෝර්ට් සිටි’ හදන්න අපි දන්නවා මුහුදු වැලි පොම්ප කළා කියලා. මුලින්ම මේ මුහුදු වැලි පොම්ප කිරීමට එරෙහිව යම් තාක් දුරකට කතෝලික පල්ලිය ආයතනයක් ලෙසම මැදිහත් වුණා. ඒ එක්කම විවිධ ධීවර සංවිධානපරිසර සංවිධානවිවිධ ස්වාධීන බුද්ධිමතුන් ආදී වශයෙන් බොහෝ දෙනෙක් මේ විනාශකාරී ව්‍යාපෘතියට සහේතුකව එරෙහි වුණා.

අවසානයේ පාලකයන් සහ ව්‍යාපෘති කණ්ඩායමත් මේ විරෝධතා දැක්වූවන්ගෙන් තෝරා ගත් නියෝජිතයන්ගේ කණ්ඩායම් කිහිපයකුත් අතර සාකච්ඡුා සිදු වුණා. එහි දී එතෙක් උස්වැටකෙයියාව වැනි වෙරළ තීරවලින් ගොඩබිමට සමීපව කරමින් තිබූ වැලි පොම්ප කිරීම වෙරළේ සිට කි.මී. 10ක් ඈතින් කරන්න පාලක කණ්ඩායම් එකඟ වුණා. කනගාටුවෙන් වුණත් කියන්න  ඕනේඒ වෙන කොට ධීවර කණ්ඩායම් ගණනාවකට මේ වරාය නගර ව්‍යාපෘතිය මුදල් දීලත් තිබුණා. කොහොම හරි පල්ලියේ මැදිහත් වීම සාර්ථක කරමින් ‘කි.මී. 10 සීමාව’ ගැන විශ්වාසය තබමින් වරාය නගර ව්‍යාපෘතිය ජයග‍්‍රහණය කළා. 

දැන් වෙලා තියෙන්නේ පල්ලියත්තව ඔය මම කිව්ව ධීවර කණ්ඩායමුත් කළ හැකි කිසිවක් නැතිව නිහඬව බලා සිටීම. ඒ අතර මුහුදු රළ තමන්ගේ ප‍්‍රහාරය මීගමු වෙරළ එහි ඇති සියලූ දේ සමඟ ගිල දැමීම.

අපි දකින දේ තමයි ධීවරගොවිකම්කරුශිෂ්‍ය විතරක් නෙමෙයි මේ රටේ බුද්ධිමතුන් කියන කණ්ඩායම් පවා තමන්ට විනාශය ගෙන එන දේශපාලන පක්ෂ වෙතම සහ ඒවායේ පුද්ගලයන් වෙතම මාරුවෙන් මාරුවට මැතිවරණවල දී අතීත මතක අමතක කරමින් බලය ලබා දීම 

ඔව්ඒක සත්‍යයක්. 70 වසරකට වඩා වැඩි කාලයක් පුරා අපේ රටේ සිද්ධ වෙන්නේ ඕක තමයි. ධීවරයෝ තමන්ගේ සහෝදර ධීවර සොහොයුරන්ව මරා දාපු පාලකයන්ටම ඊළඟටත් බලය දෙනවා. උමා ඔය හාරලා තමන්ගේ ගම්බිම්දේපළ විනාශ කළ අයටම ඒවායේ විනාශය භුක්ති විඳින අය ඡන්දය දෙනවා. කම්කරුවෝ කටුනායක නිදහස් වෙළෙඳකලාපයේ තම සහෝදරයන් වෙඩි තියලා මරපු අයට තමන්ගේ ගමේ ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය දෙනවා. සමහර විට මේ පාලක කණ්ඩායම් දෙකේ වෙනසක් තියෙනවා කියලා හිතාගෙන මේ අය ඒ පැත්තට ගියහම ඒ පැත්තට ඡන්දය දෙනවා. ඒ අය මේ පැත්තට ආවම ඡන්දය දෙනවා. ඒත් අවසානයේ කිසිම වෙනසක් නැතුව මේ උදවිය මේ විනාශකාරී ක‍්‍රමය පවත්වාගෙන යනවා. අපි ආයෙමත් අලූත් වටයකින් පැරණි විරෝධයම පටන් ගන්නවා. මේක විෂම චක‍්‍රයක්. දැන්වත් අපි මේ විෂම චක‍්‍රය බිඳින්න  ඕනේ. නැත්නම් අපිත්අපේ දරුවනුත්රටත්රටේ අනාගතයත් මීටත් වඩා වැඩි වේගයකින් වැනසේවි.

ඔබ ඔය කියන ‘විෂම චක‍්‍රය’ මීගමුවේ දී වඩාත් හොඳින් දකිනවා නේ ද?

මීගමුව කියලා වැඩි විශේෂයක් නැහැ. රට පුරාම තත්ත්වය ඒකයි. මමත් ඉන්නේ මීගමුවේ නිසා මෙහෙ තත්ත්වය ගැන සජීවී අත්දැකීම් තියෙනවා. මෙහෙදී තමන්ගේ දරුවන්ට කුඩු බෙදන උදවියටත් වෙනසක් නැතුව මිනිස්සු ඡන්දය දෙනවා.

හැබැයි මීගමුව ධීවර ජනතාව ඓතිහාසික ජයග‍්‍රහණ ලබපු තැනුත් තියෙනවා. මම එක උදාහරණයක් කියන්නම්. ඔබට මතක ඇති මීගමුව කලපුවට ‘සී ප්ලේන්’ ගොඩබාන්න හදපු උත්සාහය. ඒ පිටිපස්සේ හිටියේ ඒ ආණ්ඩුවේ බලවත්ම උදවිය. අපේ මීගමුවේ ධීවර ජනතාව ඒ විනාශකාරී ව්‍යාපෘතිය පරාජය කළා. නිකම් නෙමෙයි අර බලවන්තයන්ටත් නැමෙන්නේ නැතුව. ඒක මීගමුවේ ධීවර ජිවිතයේ අනාගතයට විතරක් නෙමෙයිරටේම අනාගතයට වගේම පරිසරයටත්ආර්ථිකයටත් බලපාන ජයග‍්‍රහණයක්.

අපි දුටුව දෙයක් තමයි විශේෂයෙන් ‘පෝර්ට් සිටි’ ප‍්‍රශ්නයේ දී ඊට එරෙහිව එකතු වූ බොහෝ දෙනෙක් එය හුදු පරිසර ප‍්‍රශ්නයක් ලෙස පමණක් ගැනීම. එනිසාම එක්තරා විදිහකට එහි සැර බාල කරන්නත් පුළුවන් වුණා 

මෙහෙමයිඅපි නම් මේ ප‍්‍රශ්න පාරිසරික ප‍්‍රශ්න පමණක් විදිහට දකින්නේ නැහැ. මේවා සම්පූර්ණයෙන්ම ගැටගැහිලා තියෙන්නේ ආර්ථික ක‍්‍රමයත් එක්ක. උදාහරණයක් විදිහට වරාය නගරය කියන්නේ සහ එහි බලපෑම මතුවෙන්නේ පාරිසරික ප‍්‍රශ්නයක් විදිහට වෙන්න පුළුවන්. අපි දන්නවා ආචාර්ය රනිල් සේනානායක කියන විදිහට වරාය නගරය නිසාම පසුකාලීනව කොළඹ නගරය ආශ‍්‍රිතව ජිවත් වන්නන්ට පිළිකා අවදානමක් තියෙන බව. ඒ වගේම උමා ඔය ව්‍යාපෘතිය නිසා පරිසර හානි ඉතා ඉහළ අගයකින් ඇති වෙන්න පටන් ගත්තත්එය හුදු පාරිසරික ප‍්‍රශ්නයක් පමණක් නෙමෙයි.

මේ සියලූ ව්‍යාපෘති නිසා අලූතින් ඇති වන පාරිසරික අර්බුද සියල්ල මේ පාලකයන්ගේ ආර්ථික ක‍්‍රමවේදයන්ගේ ප‍්‍රතිඵල. ඒ නිසා අපි එක්වෙන්න  ඕනේ මේ ආර්ථික ක‍්‍රමවේදය ස්ථිරවම පරාජය කරන දේශපාලන අරගලයක් වෙනුවෙන්.

ඔය කියන මාදිලියේ එක රැයකින් මතුවන ‘එක්වීම්’ අපි  ඕනෑ තරම් දැකලා තියෙනවා. ඒ මැතිවරණ ඉලක්ක කරගෙන. මැතිවරණ අවසන් වූ වහාම ඔය ‘එක්වීම්’ දිය වෙනවාත් අපි දැකලා තියෙනවා. ඔබ කියන්නෙත් ඒ මාදිලියේ ‘එක්වීම්’ ද?

අපේ ඉතිහාසයේ තියෙන්නේ එවැනි අභාවාචී අත්දැකීම්. ඒ නිසාම එක් වීම් ගැන සාමාන්‍ය ජනතාවටත් වඩා වැඩි අවිශ්වාසයක් තියෙන්නේ අපිට. ඒත් එහෙමයි කියලා අපි ඒකාබද්ධ අරගලඒකාබද්ධ ව්‍යාපාරඑකට එක් වන දේශපාලන සංවිධාන ගැන බලාපොරොත්තු අත්හැරගෙන නැහැ. එහෙම අත්හරින්න අපිට ඉඩකුත් නැහැ. අපි උත්සාහ කරන්නේ එවැනි සන්ධානයක් මතින් හැදෙන අලූත් දේශපාලන ව්‍යාපාරයක් ගැන.

ඔය කියන මූලික පදනම ඇතුව ද ඔබ ඇතුළු කණ්ඩායම් තිහක් පමණ එකතු වෙලා ගොඩනැඟුව ‘ජාතික ජනබලවේගය’ බිහි වෙන්නේ ?

ඔව්. අපි සංවිධානයක් විදිහට මෙතෙක් කලක් සටන් කළ අරගල බොහෝ ගණනකට මේ ‘ජාතික ජන බලවේගය’ ආරම්භයේ දීම යහපත් සම ප‍්‍රවේශයක් ඇති කර ගන්න අපිට පුළුවන් වුණා. මේ දේශපාලන ව්‍යාපාරය ගොඩනැඟුණේ ඔබ කියූ එක රැයක සතුටු සාමීචියක ප‍්‍රතිඵලයක් ලෙස නෙමෙයි.

අපි පිළිගන්න  ඕනේ ප‍්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙකට එරෙහිව ප‍්‍රධානම නියෝජනය තියෙන්නේ ජවිපෙ මත කියලා. ඒ නිසා ජවිපෙ මඟහැර යන්න අපිට බැහැ. ඒ වගේම ජවිපෙට හෝ අපිට විතරක් වෙන් වෙන්ව තනියම මේ රට මෙතැනින් එහාට ජයග‍්‍රහණය කරවන්නත් බැහැ. මේ ප‍්‍රධාන කාරණා දෙක අපි හැමෝම පිළිගන්න  ඕනේ. අපි කාටත් තම තමන්ගේ දේශපාලන ආස්ථානයන් ගැන තර්ක කරමින් ඒවා ආරක්ෂා කර ගනිමින් තවත් බොහෝ කාලයක් හුදෙකලාව ඉන්න පුළුවන්.

අපිටත් ජවිපෙ එක්ක ප‍්‍රශ්න තියෙනවා. අපි දන්නවා ජවිපෙටත් අපිත් එක්ක ප‍්‍රශ්න තියෙනවා. අපි යුද්දේදී හිටපු ස්ථාවරයේ නෙමෙයි ජවිපෙ ඉන්නේ. ජාතීන්ගේ ප‍්‍රශ්නෙදි අපි ඉන්න ස්ථාවරයේ නෙමෙයි ජවිපෙ ඉන්නේ. ඔය වගේ වෙන් වෙන්ව දේශපාලනය කරන්න පුළුවන් කාරණා බොහෝ ගණනක් අපිටත්ජවිපෙටත් තියෙනවා. ඒක මඟහැරිය නොහැකි ඇත්තක්.

ඒත් අපේ අභියෝගය වෙන්ව අරගල කිරීම දනැත්නම් එක්ව අරගල කරන්න එක කඳවුරක් ගොඩනඟන එක දඅපි හිතන්නේ දෙවැනි කාරණය තමයි අසීරුවෙන් හෝ ජයගන්න  ඕනේ. ඒ නිසා දෙවැනි කාරණය සඳහා අපි කාලයක් පුරා සාකච්ඡුා කරමින් සිටියා. අපිත් එක්ක දීර්ඝ කාලයක් අරගල බිමේ එක්ව හුන් බොහෝ අය අතරත් මේ සංවාදය තිබුණා. අපි දන්නවා ජවිපෙත් මේ එක්ව අරගල කිරීම ගැන සාකච්ඡුා කරමින් සිටිය බව. මේ වෙන්ව කළ සාකච්ඡුා විවිධ පිරිසකගේ දායකත්වයෙන් එක තැනකට ආවා. ඊට පස්සේ එකට කළ සාකච්ඡුා ගණනාවකට පස්සේ තමයිඅපි හැමෝම සම දායකත්වයෙන් ‘ජාතික ජන බලවේගය’ ගොඩනැඟුවේ.

ජාතික ජන බලවේගය’ මේ තරම් ඉක්මනින් එළියට එන්නේ මැතිවරණ කතාබහ නිසා නේ ද?

ඕනේ නම් කාට හරි එහෙම කියන්න පුළුවන්. ඒත් මේ ‘ජාතික ජන බලවේගය’ ගොඩනඟන්නේ මැතිවරණ ඉලක්ක කරගෙන නෙමෙයි. ඒ වගේම අපිට මුහුණ දෙන්න වෙන  ඕනෑම මැතිවරණයක දී ඒවා මඟහැර නොයා එක්ව පුළුල් දේශපාලන සන්ධානයක් විදිහට ඊට මුහුණ දෙන්න අපි එකඟ වුණා. ඒ නිසා ඉක්මනින් එන ජනාධිපතිවරණයටත් අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට මුහුණ දෙනවා. මේක තමයි දැනට තියෙන මැතිවරණ අවස්ථාව. අපි කණ්ඩායමක් විදිහට මේ අවස්ථාව සක්‍රීයව ප‍්‍රයෝජනයට ගන්නවාජනතාවට හැත්තෑ වසරකට පස්සේ නව දේශපාලන බලාපොරොත්තුවක් ගේන්න. අපි මේ රටේ මිනිස්සුන්ට නව ආර්ථික පදනමකින් මේ රට ගොඩනඟන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරනවා. සමාජආර්ථිකපාරිසරික වගේම සංස්කෘතිකමය වශයෙන් කොන් කළ මිනිස් සමාජයකට අලූත් පාරක් කපනවා.

මම එක උදාහරණයක් කියන්නම්. ඔබ දන්නවා මේ වන විට සමාජයේ විවිධ සමාජභාවී ජන කණ්ඩායම් ඉන්න බව. අපේ රටේ ඉතිහාසය ඔවුන්ව මේ සමාජයෙන් කොන් කළා. අපි ඉතිහාසයේ පළමුවරට සමකාමී සහෝදර ප‍්‍රජාවට ඔවුන්ගේ ජීවන අයිතිවාසිකම් පිළිබඳව අනෙකුන්ට සමාන ඉඩක් ලබා දෙනවා.  ඒ වගේම යම් යම් ශාරීරික මෙන්ම මානසික අබල දුබලතාවන්ගෙන් කොන් කර සිටින ජන කොටස්වලට සමාජයේ සෙසු ජනයාට සමාන ජීවන හිමිකම් ලබා දෙනවා. මේවා එක්තරා විදිහකට විප්ලවීය යෝජනා. එහෙම යෝජනා මේ ‘ජාතික ජන බලවේගය’ට එක් කරන්න පුළුවන් වුණේ අපි අපි වෙන්ව සටන් කරනවා වෙනුවට එක් විය හැකි අවම කොන්දේසි යටතේ එක්වතව දුරටත් සාකච්ඡා කරමින්මේ දුර්දාන්ත කොන්දේසි රකින දේශපාලනආර්ථිකසමාජීය ක‍්‍රමයට එරෙහි වීම නිසයි.

සංවාද සටහන : සිසිර යාපා

Leave a Response