විදෙස් පුවත්

කාශ්මීර අර්බුදය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි

51views

ඉන්දියාව විසින් පාලනය කරනු ලබන කාශ්මීර් ප්‍රදේශයට මෑතකදී පැනවූ සීමා පිළිබඳව දැඩි අවධානය යොමු කර ඇති අතර එම සීමා හේතුවෙන් එම ප්‍රදේශයේ “මානව හිමිකම්වලට බරපතළ බලපෑම් එල්ල විය හැකි” බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබේ.

සන්නිවේදන සබඳතා තහනම් කිරීම, අත්නෝමතික ලෙස දේශපාලන නායකයින් රැඳවුම් භාරයේ තබා ගැනීම සහ දේශපාලන රැස්වීම් තහනම් කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශකවරයා පෙන්වාදුන්නේය.

ඉන්දීය පාලනය යටතේ ඇති කාශ්මීර් ප්‍රදේශයේ සන්නිවේදන සබඳතා අවහිර කරමින් එම ප්‍රදේශය හුදෙකලා භූමියක් බවට පත් කර ඇත්තේ පසුගිය ඉරිදා දිනයේ සිටය.

BBC

Leave a Response