දේශීය පුවත්

බැසිල්ට කැපිල්ලක් – පිරිසක් නොසතුටෙන්

128views

පොහොට්ටු පක්ෂයේ ජාතික සම්මේලනයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස තමාව නම්කරගත් ගෝඨාභය රාජපක්ෂ, සිය කතාවේදී බැසිල් රාජපක්ෂගේ නම සඳහන් නොකිරීමත්, උතුරේ යුද්ධය ජයගැනීම තමාගේ තනි වැඩක් බව හැඟවීමට කටයුතු කළ ආකාරයත් පොහොට්ටුවේ ක්‍රියාකාරීන්ගේ බලවත් කනස්සල්ලට හේතුවී ඇතැයි වෙත වාර්තාවේ.

එසේම එම සම්මේලනය සජීවී ලෙස විකාශය කළ ‘අද දෙරණ’ ඊයේ රාත්‍රී ඒ සම්බන්ධයෙන් විනාඩි 30කට ආසන්න කාලයක් පුරා ප්‍රචාරය කළ පුවත් විකාශයේදී ද ‘පොහොට්ටු’ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ දර්ශන කපා තිබීම සම්බන්ධයෙන් ද බැසිල්වාදීන් සිය නොසතුට පළකරමින් සිටිති.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂගේ සමීපතම හිතවතකු කියා සිටියේ, ගෝඨාභය රාජපක්ෂගේ කතා පිටපතේ බැසිල් රාජපක්ෂ හා ‘පොහොට්ටු’ පක්ෂය ගොඩනගමින් ඔහු විසින් කළ සුවිශේෂී දේශපාලන දායකත්වය ගැන සඳහන්ව ඇතත්, ගෝඨාභය ටෙලිප්‍රොම්ටරය බලගෙනත් එම කරුණු ප්‍රකාශ නොකිරීම ගැටලුකාරී බවයි.

”තාම අපේ පක්ෂයේ නිල තනතුරක්වත් නැති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දැන්තියාම අපිට සලකන්නේ මෙහෙම නම්, ජනාධිපති වුනොත් අපට කොහොම සලකයිද ?, ඇත්තටම ඊයේ ඉහලම පිළිගැනීම ලැබුනේ අපේ බැසිල් මහත්තයට. එත් දෙරණ නාලිකාවෙන් ඒ කිසිම දෙයක් විකාශය වුනේ නැහැ. ගෝඨාභය මහත්තයා වටේ ඉන්න අය හදන්නේ බැසිල් මහත්තයව යටකරන්න. වැඩි දවසක් යන්න ඉස්සෙල්ල මෙයාල මහින්ද මහත්තයට කරන්නෙත් ඔය ටික.. ” ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

source – newstube

Leave a Response