දේශීය පුවත්

ගෝඨාභය ජනාධිපති වුණොත් වෙන්නෙ හිරේ විලංගුවෙ වැටෙන්න – නිශාන්ත මුතුහෙට්ටිගම කියයි

310views

රාජපක්ෂ පාලන සමයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් සිටිමින් එම ආණ්ඩුවේ ඇමතිවරුන් සමග හෝ සුහදතාවයෙන් කටයුතු නොකළ ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට පැමිණ රටේ ජනතාව සමග සුහතාවයෙන් කටයුතු කරනු ඇතැයි විශ්වාසය තැබිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුවහොත් ඔහුගේ රජයේ ඇමතිවරුන් සමග හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග හෝ සාකච්ඡා කර සුහදතාවයෙන් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව ද මන්ත්‍රීවරයා පවසයි. ඔහු ආමිකාරයෙකු මිස ජනතාවට සමීප දේශපාලනඥයෙකු නොවන බව ද මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ඔහුට සහාය දක්වන්නේ නම් ජයග්‍රහණය කළ පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග මාසයකට වරක් හෝ සාකච්ඡා කරන බවට පොරොන්දුවක් ලබාගත යුතු බවත් එසේ නොවුනහොත් ඔහු හමුවීමට ගේට්ටු කඩාගෙන ගොස් හිරේ විලංගුවේ වැටීමට සිදුවිය හැකි බවත් ඔහු පවසයි.

ශ්‍රීලනිපය ගෝඨාභය රාජපක්ෂට සහාය දක්වන්නේද යන්න සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බව පැවසූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ එසේ සහාය දැක්වීමට තීරණය කළහොත් පොදුජන‍ පෙරමුණ හා ගෝඨාභය රාජපක්ෂ සමග වෙන වෙනම ගිවිසුම් අත්සන් කිරීමට සිදුවන බවයි.

source – LNW

Leave a Response