දේශීය පුවත්

සජිත්ට සහ ගෝඨාට සරත් ෆොන්සේකාගෙන් බර අවි ප්‍රහාරයක්

223views

අමාත්‍ය සජිත් ප්‍රේමදාස තම පියාගේ නම විකුණමින් අපේක්ෂකත්වය ලබා ගැනීමට තමන් සුදුසු බව පෙන්වමින් සිටින බවත් පියා කළ කී දේ මේ රටේ ජනතාවට අමතක නැති බවත් අමාත්‍ය සරත් ෆොන්සේකා පවසයි. ඔහු මේ බව සඳහක් කළේ අද (13) කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

සජිත්ගේ පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් ඔහු ජනාධිපතිව සිටියදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආයුධ ලබා දුන් බවත් ඒ ආයුධ වලින් අවසානයේ රජයේ හමුදාවන්ටම පහර දුන් බවත් ඔසු සඳහන් කළේය. මාන්කුලම, කොකාවිල් අත්පත් කර ගැනීමටත් අලිමංකඩ සහ යාපනය කොටුව වට කිරීමටත් ඒ අවි ආයුධ යොදා ගත් බව සරත් ෆොන්සේකා මෙහිදී අවධාරණය කළේය. එපමණක් නොව, එක්දහස් නමසිය අනූවේදී නැගෙනහිර ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් 600කට එල්.ටී.ටී.ඊ. සංවිධානයට යටත් වන ලෙස අණ දුන්නේ ද රණසිංහ ප්‍රේමදාස බවත් අවසානයේ කරුණා අම්මාන් විසින් ඔවුන් සියලු දෙනාම මරා දැමූ බවත් ෆොන්සේකා මෙහිදී පැවසීය.

එවැනි අයෙකුගේ පුතෙකු පියා නතර කළ තැනින් පටන් ගැනීම විහිළුවක් බවත් අමාත්‍ය සරත් ෆොන්සේකා සඳහන් කළේය.

එසේම ගෝඨාභය රාජපක්ෂ කළ කී දේ ගැන ද ජනතාවට අමතක නැති බව පැවසූ අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ තමන්ගේ දරුවන්ට වසර පහක් ආරක්ෂාව පතා සැගවී සිටීමට සිදු වූයේත් ඔවුන්ව සොයා දෙන ලෙස රට පුරා පොස්ටර් ඇලවූයේත් ගෝඨාභය රාජපක්ෂ බවය.

Leave a Response