දේශීය පුවත්

ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා අනුර

104views

ජාතික ජන බලවේගය විසින් එහි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස අනුර දිසානායක මීට මොහොතකට පෙර නම් කරණු ලැබිය. සංවිධාන විසි අටක එකතුවෙන් සැදී මෙම ජාතික ජන බලවේගය අද සිය දැවැන්ත රැළිය පවත්වනු ලැබුයේ ගාලු මුවදොර පිටියේදීය. ලක්ෂයකට අධික ජනතාවක් ඊට සහභාගී වූහ. සියලු ආගමික පාර්ශවයන් නියෝජනය වන ආගමික නායකයන්ද, වෘත්තිය නියෝජිතයන්ද, විශ්ව විද්‍යාල මහාචාර්ය, ආචාර්ය සහ කථිකාචාර්යවරුද, කලා ශිල්පින් විශාල ප්‍රමාණයක් ද මෙම රැළියට සහභාගී වීම කැපී පෙනිණි. 

රැලිය ආරම්භවී පැය කිහිපයකට පසු සහභාගී වුවන්ගේ අත්පොලසන් නාදය මැද ජාතික ජන බල වේගයෙහි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එම පෙරමුණ නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණෙහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක නම් කළේය.

අනුර දිසානායක කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙක් වන අතර කෙටි කාලයක් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිවරයා වශයෙන් ද කටයුතු කළේය.

Leave a Response