දේශීය පුවත්

ශ්‍රීලනිපය නැවත ගොඩගන්න චන්ද්‍රිකා මන්ත්‍රීකමකුත් මූලස්ථානයේ කාමරයකුත් ඉල්ලා – මහින්ද ඉවත් කරන්නත් කියයි

262views

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එහිම සාමාජිකයන් විසින් ගොඩනගාගෙන ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇති වී තිබෙන ප්‍රතිවිරෝධතා හමුවේ තමන් ශ‍්‍රීලනිපය යළි ශක්තිමත්ව ගොඩනැගීමේ වගකීම භාරගන්නේ යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට දන්වා ඇත.

ඇය මේ බව දන්වා ඇත්තේ පසුගිය 15 වැනිදා ශ‍්‍රීලනිප මූලස්ථානය පැමිණීමෙන් පසු ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු හමුවෙමිනි. ශ‍්‍රීලනිපය වෙනත් පක්ෂවල අතකොළුවක් නොවිය යුතු බවත් පවසා ඇති ඇය ශ‍්‍රීලනිපය ගොඩ නැගීම ඉදිරි සතියේ සිට ආරම්භ කරන බවද පවසා තිබේ. එම කටයුතු වෙනුවෙන් තමනට පක්ෂ මූලස්ථානයෙන් වෙනම කාමරයක් වෙන් කරන ලෙසද ඇය දන්වා ඇත.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මේ වන විට පුරප්පාඩු වී ඇති ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය තමන් වෙත ලබා දෙන මෙන් හිටපු ජනාධිපති චන්ද‍්‍රිකා කුමාරතුංග විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වෙයි. එමෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය බාර ගැනීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා වි පක්ෂ නායක ධුරයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරන්නැයිද ඇය ඉල්ලා ඇත. එසේම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් කටයුතු කරන සෙසු මන්ත‍්‍රීවරුන් ගැනද දැඩිය විනය ක්‍රියාමාර්ග ගන්නැයිද ඇය ඉල්ලා තිබේ.

Leave a Response