විදෙස් පුවත්

ලෝකයේ පෙනහැල්ල ගිනි ගෙන දැවෙයි – බ්‍රසීල ජනපතිත් ගින්නට චූදිතයෙක්

209views

ලෝකයේ විශාලම වැසි වනාන්තරය වන ඇමසන් වැසි වනාන්තරය මේ වනවිට පෙර නොවූ විරූ අයුරින් වාර්තාගත වේගයකින් ගිනිගෙන දැවෙමින් පවතී.

මෙම ගින්න බොහෝ දුරට ගොවිතැන් කිරීම හෝ ගොවිතැන් කිරීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීම හේතුවෙන් ඇතිවී ඇති බවත්, බ්‍රසීල මාධ්‍ය වාර්තාකර තිබුණි. කෙසේ වෙතත් මෙම ගින්න සතියකට ආසන්න කාලයක් ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය වී ඇති අතර විනාශයට පත්වී ඇති වනාන්තරයේ භුමි ප්‍රමාණය මෙතෙක් නිල වශයෙන් ගණනය කර නොමැත.

මෙම ගින්න බ්‍රසීලියානු ඇමසොනාස්, රොන්ඩෝනියා, පැරා සහ මැටෝ ග්‍රෝසෝ ප්‍රාන්තවලට වැඩි බලපෑමක් එල්ලකර ඇති අතර ගින්නෙන් දැවීගිය ප්‍රදේශ මුළුමනින්ම විනාශයට පත්ව ඇති බවත්, විශාල වශයෙන් ශාක හා සත්ව ප්‍රජාවක් මේවන විට මියගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්නේ දුමාරයෙන් රටෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ආවරණය වී ඇති අතර අසල්වැසි පේරු, බොලිවියාව සහ පැරගුවේ දක්වා පවා දුමාරය පැතිරෙමින් ඇති බවත් පැවසේ. ඇමසොනාස් ප‍්‍රාන්තයේ සිට අසල පිහිටි පැරා සහ මැටෝ ග්‍රෝසෝ ප‍්‍රාන්තවලට දුමාරය පැතිරී ඇති අතර සැතපුම් 2,000 කට වඩා (කිලෝමීටර් 3,200) දුරින් පිහිටි නගරයක් වන සාඕ පවුලෝහි පවා ගින්නේ දුමාරය පැතිරෙමින් පවතින බවටද චන්ද්‍රිකා තාක්ෂනය ඔස්සේ සිතියම් කර ඇත.

බ‍්‍රසීල රජය විසින් මෙම ගිනි තැබීම වලට එරෙහිව හරියාකාරව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මේ වන විට එරට ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ ද ජනතාවගේ විවේචනයට ලක්ව ඇති අතර, වන විනාශයට ඔහුට කි‍්‍රයාමාර්ග නොමැති බවට චෝදනා කරමින් ඇමසන් වනයේ දැව සංහාරය හා ගොවිතැන දිරිමත් කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කරමින් සිටින බවටද චෝදනා කරයි.

source – colombotrut

Leave a Response