ක්‍රීඩා

අකිල ධනංජයට වසරකට ක්‍රිකට් තහනම් කිරීමේ අවදානමක්

161views

අකිල ධනංජය නැවත වතාවක් පන්දුව දමාගැසීම පිළිබඳ චෝදනා ලැබ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තහනමකට ලක්වීමේ අවදානමට මුහුණ දී සිටියි. ඒ අනුව වසරක් තුළ දෙවරක්ම නීති විරෝධී පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් වාර්තා වීම හේතුවෙන් ඔහුට වසරක තරග තහනමක් පැනවීමට හැකියාව තිබෙන බව ක්‍රිකට් විචාරකයෝ පවසති.

අගෝස්තු 14-18 අතර ගාල්ලේ පැවැත්වුණ පළමු ටෙස්ට් තරගයේ පන්දු යැවීම සම්බන්ධයෙන් විනිසුරුවරුන් ඔහු පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට වාර්තා කර ඇත. කෙසේ වෙතත් දින 14ක් තුළ ඔහු සිය පන්දු යැවීමේ ඉරියව්වේ නිවැරදිභාවය ඔප්පු කළ යුතු බව ද වාර්තා වේ.

2018 නොවැම්බර් මාසයේදී එංගලන්තයට එරෙහිව පල්ලෙකැලේ පැවැත්වුණ පළමු ටෙස්ට් තරගයේදී අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදිසහගත බව පළමු වතාවට තහවුරු වී ඔහුට තරග තහනමක් පැනවීය. එහෙත් පසුගිය ජනවාරියේදී ඔහු සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීම තහවුරු කරගෙන නැවත කණ්ඩායමට ඇතුළත් වීමට සමත් විය.P

Source – Praja.lk

Leave a Response