විදෙස් පුවත්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීමට එරෙහිව දැවැන්ත විරෝධයක්

85views

වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවන මෙන් අගමැති බොරිස් ජොන්සන් කළ නිර්දේශය එලිසබත් රැජින විසින් පිළිගනු ලැබීමෙන් අනතුරුව අගමැතිවරයාගේ ක්‍රියාමාර්ගයට එරෙහිව බ්‍රිතාන්‍ය දේශපාලන සමාජය තුළ දැඩි කෝපය පළවෙමින් පවතී.

ගිවිසුමකින් තොරව බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත්වීමේ (no-deal Brexit) ක්‍රියාවලියට විරෝධය පළ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අගමැතිවරයාගේ දේශපාලන ප්‍රතිවාදීන් දැනටමත් පාර්ලිමේන්තුව අක්‍රිය කර දැමීමට එරෙහිව පියවර ගනිමින් ඇත.

අගමැතිවරයාගේ ක්‍රියාවට එරෙහිව නෛතික අභියෝග එල්ල කෙරෙමින් ඇති අතරවාරයේ, දස ලක්ෂයකට අධික අත්සන් සහිත මහජන පෙත්සමක් ද ඉදිරිපත් කරනු ලැබ ඇති බව වාර්තා වේ.

අගමැති බොරිස් ජොන්සන් පාර්ලිමේන්තුව සති පහකට අත්හිටුවන ලෙස එලිසබත් රැජිනට උපදෙස් දෙන ලද්දේ එම සියලු විරෝධතා නොතකා හරිමිනි.

BBC

Leave a Response