දේශීය පුවත්

කබීර් හෂීම් එජාප සභාපති ධුරයෙන් ඉවත් කරයි

601views

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කළ යුතු යයි කියා සිටි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුගෙන් කෙනෙකු වූ එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් එම ධුරයෙන් ඉවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ.

ඒ අනුව සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය අද හෝ හෙට දිනයන් ඇතුලත කබීර් හෂීම් වෙත යොමු කරන බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. ව්‍යවස්ථාව අනුව පක්ෂ නායකයාට ලැබී ඇති බලය මත කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතියෙන් මෙම නෙරපීම සිදු කරන බවද සදහන්ය.

Leave a Response