විදෙස් පුවත්

අගෝස්තුවේ පමණක් ඇෆ්ගනිස්ථානයේ 2307ක් යුද්ධයෙන් මිය ගිහින්

138views

අගෝස්තු මාසය පුරා ඇෆ්ගනිස්ථානය තුළ සාමාන්‍ය වශයෙන් සෑම දිනකදීම පිරිමින්, කාන්තාවන් සහ දරුවන් 74 ක් ඝාතනය වී ඇතැයි අනාවරණ වී ඇත. සිදුවීම් 611 කින් පුද්ගලයන් 2,307 මරණයට පත්ව ඇති බව මේ අනුව හෙළි වී තිබේ.

සාමාන්‍ය වැසියන් වැඩිම සංඛ්‍යාවක් මරණයට පත් වූයේ අගෝස්තු 18 වෙනිදාය. එදින මරණයට පත් වූ සම්පූර්ණ සංඛ්‍යාව 112 කි. එක් ස්ථානයකදී වැඩිම සංඛ්‍යාවක් මරණයට පත් වූයේ කාබුල් නුවර විවාහ මංගල්‍ය උත්සවයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකිනි. ඉන් පුද්ගලයන් 92 ක් මරණයට පත් වූ අතර 142 ක් තුවාල ලැබූහ.

ප්‍රචණ්ඩත්වය සම්පූර්ණයෙන්ම පාහේ ඇෆ්ගනිස්ථානය වෙලා ගෙන ඇති ආකාරය ඉහත කී සොයා ගැනීම් මගින් පෙන්නුම් කරයි. මෙවැනි තත්ත්වයක් පෙන්නුම් කරන්නේ දහඅට වසරක් පුරා පැවති යුද්ධය හේතුවෙන් මතුව ඇති වියවුල හමුවේ එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීමට සාකච්ඡා කරමින් සිටින අතරතුරදීය.

Source – BBC

Leave a Response