සාහිත්‍ය - කලා

‘සංස්කෘතික ජීවිතයක්’ කෘතිය ජනගතවේ

57views

‘සංස්කෘතික ජීවිතයක්’ කෘතිය ඊයේ (06) දින ‘සුරිය විලේජ් ‘ හිදී එළිදැක්වූ අතර ‘අවකාශය’ විසින් මෙය සංවිධානය කළේය. ‘සංස්කෘතික ජීවිතයක්’ කෘතිය සකස් වී ඇත්තේ ජාතියට ඔබ්බෙන් සිතන නූතන සංස්කෘතික මිනිසෙක් බිහිවීම පිලිබඳව ලංකා පුවත් පතේ පල වූ සාකච්ඡා මාලාවක් ඇසුරෙනි. ජගත් වීරසිංහ, හර්ෂන රඹුක්වැල්ල, දිලීප විතාරන, හරිනි අමරසූරිය, ෆරා හනීෆා, වංගීස සුමනසේකර, සුදන්ත මාධව හා කෞශල්‍ය කුමාරසිංහ මෙහි මූලික සංවාදයට දායක වී ඇති අතර කෘතියෙහි පෙරවදන ලියනගේ අමරකීර්ති විසින් ලියා ඇත. මේ කෘතිය සංස්කරනය කර ඇත්තේ ප්‍රියදර්ශන දයාරත්න, චතුර දිසානායක සහ කිත්සිරි කොඩිතුවක්කු යන ලංකා පුවත්පතේ කතෘමණ්ඩල සාමාජිකයන් විසිනි. කෘතිය දොරටවැඩුමේ දේශකයන් ලෙස ආචාර්ය ෆාරා හනිෆා, මහාචාර්ය හර්ෂණ රඹුක්වැල්ල, මහාචාර්ය ජගත් වීරසිංහ(වීඩියෝ මගින්), ජාතික ජනබල ව්‍යාපාරයේ ජනපති අපේක්‍ෂක අනුර දිසානායක සහභාගි විය.

Leave a Response