දේශීය පුවත්

ඡන්ද පත්‍රිකාවේ දිග අඩි දෙකයි – වියදම කෝටි හාරසීයයි

54views

ජනාධිපති මැතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බැවින් මෙවර මැතිවරණය සඳහා ජන්ද පෙට්ටි පෙරට වඩා වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේය. එසේ නොමැතිනම් ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි ආනයනය කිරීමට සිදු වන බවත් ඡන්ද පොල කාර්ය මණ්ඩලයේ ප්‍රමාණය හැත්තෑවේ සිට එකසිය හැත්තෑ පහක් දක්වා පමණ වැඩි කළ යුතව තිබෙන බවත් ඔහු පැවසීය. තවද ඒ වෙනුවෙන් කම්කරුවන්ද වැඩි කළයුතු බවත් ඔහු සඳහන් කළේය.

රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේදී අපේක්ෂකයින් සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

පසුගිය ජනාධිපතිවරණවලට වඩා මෙවර අපේක්ෂකයින් ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් පෙරට වඩා දිගින් වැඩි මැතිවරණ ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට සිදුවන බවත් ඔහු ප්‍රකාශ කළේය. අපේක්ෂකයන් ගණන සැලකූ විට ඡන්ද පත්‍රිකාවේ දිග අඩි දෙකකටත් වඩා මඳක් වැඩි විය හැකි බව මැතිවරණ කාර්යාලය පවසයි.

මේ තත්ත්වයන් හේතුවෙන් ජනාධිපතිවරණය සඳහා ඇස්තමේන්තු කරනු ලැබූ සමස්ත ජන්ද වියදම තවත් වැඩිවනු ඇති බවත්, ඒ අනුව මුළු වියදම රුපියල් කෝටි 400 ඉක්මවනු ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Response