දේශීය පුවත්

ගෝඨා සහ ශවේන්ද්‍රගේ වැඩ නිසා රටේ ආරක්ෂාව අනතුරේ

173views

පොදුජන පෙරමුණේ ජාතිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විසින් සිදුකල බරපතල මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධව පැමිණිල්ලක්   මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර ඇත. ඒ වත්මන් යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රකාශයක් සහ නිල ඇඳුමින් සිටින ජායාරූපයක්  ජනාධිපතිවරණ  ප්‍රචාරක කටයුතු සඳහා යොදාගැනීම සම්බන්ධවය.

නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ සිදුකල මේ කටයුත්ත නිසා හමුදාපතිවරයාට සිය තනතුර පවා අහිමිවීමේ අවධානමක් ඇති බවයි. එසේම මේ සම්බන්ධව වහාම ජනාධිපතිවරයා මෙන්ම හමුදාපතිවරයාද අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවත් එසේ නොවුන හොත් දේශපාලන පක්ෂ මත ආරක්ෂක අංශවල බෙදීම් ඇතිවී ජාතික ආරක්ෂාව සැබෑ ලෙසම අවධානමේ අනතුරක් මතුවිය හැකි බව ද ඔවුන් පෙන්වා දෙයි. එසේම මේ සම්බන්ධව වහාම ජනාධිපතිවරයා මෙන්ම හමුදාපතිවරයාද අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවත් එසේ නොවුන හොත් දේශපාලන පක්ෂ මත ආරක්ෂක අංශ වල බෙදීම් ඇතිවී ජාතික ආරක්ෂාවට අනතුරක් මතුවිය හැකි බවයි ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙයි.

Leave a Response