විදෙස් පුවත්

විදෙස් පුවත්

සෝමාලියානු සාම ක්‍රියාකාරිනිය මරා දමයි

සෝමාලියානු සාම ක්‍රියාකාරිනියක වූ අල්මාස් එල්මාන් පසුගිය බදාදා මොගඩිෂු නගරයේ දැඩි ආරක්ෂක කලාපයක දී වෙඩිතබා ඝාතනය කර තිබෙනවා. නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ වූ ඉල්වාඩ් එල්මාන් ගේ සහෝදරියක වන ඇය 2016 - 2017 කාලය තුල කෙන්යාවේ සෝමාලියන් තානාපති කාර්‍යාලයේ දෙවන ලේකම්වරිය ලෙසද සේවය කර තිබෙනවා. එතරම් පැහැදිලි නැති මූලාශ්‍රයන් පවසන්නේ වෙඩිවැදී...
විදෙස් පුවත්

සාමය දිනූ ඉතියෝපියාවේ අබී අහ්මද්

ඉතියෝපියානු අගමැති අබී අහ්මද් (Abiy Ahmed) විසින් 2019 නොබෙල් සාම ත්‍යාගය දිනාගැනීම එක්තරා ආකාරයකට පුවත් මවන කාරණයක් වි තිබේ. ඔහු විසල් ගෞරවයකට පත්ව තිබේ. නොබෙල් සාම ත්‍යාගය ලැබීමට තරම් වූ ඒ සා විශාල ගෞරවයකට පාත්‍ර වීමට ඔහු කළ මෙහෙවර කුමක්දැයි ලෝකය දැන් අසයි. අබී අහ්මද්, සිය රට වන ඉතියෝපියාව, අසල්වැසි...
විදෙස් පුවත්

ලොවම කළඹමින් ඉරාන පියවරුන්ට තම දියණිය විවාහ කර ගැනීමට අවසර ලැබෙයි

ඉරානය විසින් වයස අවුරුදු 13 වැඩි තමන්ගේම දියණිය විවාහ කර ගැනීමට නීතියෙන් පියාට අවසර දී තිබේ. මේ සම්බන්ධයෙන් මේ වන විට නීතිමය අවසර ලබා දෙන පනතක් සම්මත කර තිබෙන බව වාර්තා වේ. මෙම පනත මගින් පවුලේ භාරකාරයාට තම සහකරුගේ හෝ සහකාරියගේ හදාගත් දරුවන් ද විවාහ කර ගැනීමට හැකියාව ලබා දී...
විදෙස් පුවත්

යේමනයේ ප්‍රහාරයකින් පහක් මිය යයි – දරුවන් දෙදෙනෙකු අතුරුදහස්

යෙමනයේ සන්නද්ධ කල්ලීන් විසින් ඔම්රාන් පළාතේ මුස්ලිම් පල්ලියකට ගුවන් ප්‍රහාර දියත් කොට ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. අල්-මසිරාහ් පුවත් සේවය වාරතා කර තිබූ අන්දමට, මෙම ගුවන් ප්‍රහාරයෙන් එකම පවුලේ පුද්ගලයින් පස්දෙනෙකු ජීවතක්ෂයට පත්ව ඇත. ප්‍රහාරයට පසු කුඩා දරුවන් දෙදෙනෙකු අතුරුදහන් වී ඇති අතර, ඔවුන් සෙවීමේ මෙහෙයම් මේ වන විට...
විදෙස් පුවත්

අගෝස්තුවේ පමණක් ඇෆ්ගනිස්ථානයේ 2307ක් යුද්ධයෙන් මිය ගිහින්

අගෝස්තු මාසය පුරා ඇෆ්ගනිස්ථානය තුළ සාමාන්‍ය වශයෙන් සෑම දිනකදීම පිරිමින්, කාන්තාවන් සහ දරුවන් 74 ක් ඝාතනය වී ඇතැයි අනාවරණ වී ඇත. සිදුවීම් 611 කින් පුද්ගලයන් 2,307 මරණයට පත්ව ඇති බව මේ අනුව හෙළි වී තිබේ. සාමාන්‍ය වැසියන් වැඩිම සංඛ්‍යාවක් මරණයට පත් වූයේ අගෝස්තු 18 වෙනිදාය. එදින මරණයට පත් වූ සම්පූර්ණ...
විදෙස් පුවත්

ඇෆ්ගනිස්ථාන බෝම්බ ප්‍රහාරයෙන් 48ක් මිය යයි

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් අවස්ථා දෙකකදී එල්ල කළ ප්‍රහාර දෙකකින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ.  මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කොට ඇත්තේ ජනාධිපති අෂ්රෆ් ඝානි ගේ මැතිවරණ ප්‍රචාරක රැළි ඉලක්කකොට ගෙන බවට වාර්තා වේ. ප්‍රහාරයෙන් ඝානි දිවි ගලවා ගෙන ඇත. මෙම ප්‍රහාර සිදුව ඇත්තේ...
විදෙස් පුවත්

මැවුම්වාදය වේල්සයේ පාසල් පන්ති කාමරයට රිංගවීමට එරෙහිව බුද්ධිමතුන්ගේ විරෝධය

වේල්සය විසින් හඳුන්වා දෙනු ලැබ ඇති නව පාසල් අධ්‍යාපන විෂය දහරාව අනුව දේව නිර්මාණවාදී ඉගැන්වීම් (creationism) යළිත් පාසල් තුළට රිංගා ගැනීම සඳහා දොරටු විවෘතවීමක් සිදුවිය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. එම කරුණ පෙන්වා දෙන විද්‍යාඥයන් අතරට ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ ද එක්ව සිටී එවැනි විද්‍යාඥයන් හතළිස් හය දෙනකුගේ (46) අත්සනින් සහ...
විදෙස් පුවත්

ඉරාන තෙල් නැවේ කපිතාන්ට ඇමෙරිකාවෙන් පගාව දෙන්න හදලා

රාජ්‍ය තාන්ත්‍රික අවුලකට මැදිව තිබෙන ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවේ කපිතාන්වරයාට ඩොලර් මිලියන ගණනක මුදලක් පිරිනැමීමට යෝජනා කළ බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ. ඉරානය සම්බන්ධ ඇමරිකාවේ ප්‍රතිපත්ති පිළිබඳ කටයුතු කරන රාජ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක 'Iran Action Group' හි ප්‍රධානියා වන බ්‍රයන් හුක්, 'අඩ්‍රියාන් දරියා 1' නෞකාවේ කපිතාන්වරයා වෙත...
විදෙස් පුවත්

ඉන්දියාවේ දහනව ලක්ෂයකට රටක් අහිමි කර කඳවුරු වලට ගාල් කරයි

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්ත බලධාරීන් විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති 'පුරවැසියන් ලියාපදිංචි කිරීමේ ජාතික ලේඛනයේ ' අලුත්ම පිටපත අනුව, එම ප්‍රාන්තයේ පදිංචිකරුවන් දහනව ලක්ෂයකට පමණ ඉන්දියානු පුරවැසිභාවය අහිමි කිරීමක් සිදු කරනු ලැබ ඇත. ඇසෑම් ප්‍රාන්තයේ පුරවැසියන් ලියාපදිංචි කිරීමේ ජාතික ලේඛනයෙහි 1971 මාර්තු මස 24 වෙනිදිනට පෙර තමන් එම ප්‍රාන්තයට...
විදෙස් පුවත්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීමට එරෙහිව දැවැන්ත විරෝධයක්

වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවන මෙන් අගමැති බොරිස් ජොන්සන් කළ නිර්දේශය එලිසබත් රැජින විසින් පිළිගනු ලැබීමෙන් අනතුරුව අගමැතිවරයාගේ ක්‍රියාමාර්ගයට එරෙහිව බ්‍රිතාන්‍ය දේශපාලන සමාජය තුළ දැඩි කෝපය පළවෙමින් පවතී. ගිවිසුමකින් තොරව බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත්වීමේ (no-deal Brexit) ක්‍රියාවලියට විරෝධය පළ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අගමැතිවරයාගේ දේශපාලන ප්‍රතිවාදීන් දැනටමත් පාර්ලිමේන්තුව අක්‍රිය කර...
1 2 3 7
Page 1 of 7