ක්‍රීඩා

ක්‍රීඩා

දිය ඇදි කළය බිඳිනවා ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2020 වසරේ සහභාගී වූ පළමු තරගාවලිය නිමාවට පත් වූයේ අමිහිරි පරාජයක් ලබා දෙමින් ය. විස්සයි 20 තරග තුනකට සහභාගී වීම සඳහා ඉන්දියාවට ගිය ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට සිදු වූයේ 2-0ක් ලෙස තරගාවලියෙන් පරාජයට පත්වීමටයි. පළමු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල නොවුණේ නම්, බොහෝ විට පරාජය 3-0ක් විය හැකිව තිබූ බව පැහැදිලි ය. විස්සයි...
ක්‍රීඩා

පළල් ස්වීඩන් ප්‍රේමයක සිසිල ලංකාවට දුන් තෑග්ගක්

දුප්පත් පැල්පත් කියන්නේම කඳුළු පැ‍ළවෙන තැන් ය. වේදනාබර සුසුම් මිස අතමිටට බර දැනෙන භෞතික සම්පත් හිඟ ය. දරුකම යන්න හිතේ පෙම ඇතත්, නඩත්තු කරන්නට බැරි බරක් වීම එහි ස්වභාවය ය. මස් වැදැල්ලක් විසි කර දමන ආකාරයෙන් සමහර විට වනරොදවලට විසි වෙන ළදරු සිරුරු ගැන අපි කතා කරන්නේ මවුකමට නිගා දෙන ගැහැනියක පදනමේ තබා ගනිමින් ය....
ක්‍රීඩා

අපි තවමත් බලාගෙන ඉන්නවා

වසර උදා වෙන්නට පෙර අප ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට විද්‍යුත් තැපෑලෙන් ලිපියක් යොමු කළ ද, මේ වන තෙක් ඒ සඳහා පිළිතුරු ලිපියක් ලැබී නැත. ඒ නිසා අපි එම ලිපියම ලියාපදිංචි තැපෑලෙන් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කිරීමට කටයුතු කළෙමු. දැනගන්නට ලැබෙන පරිදි මේ වන විට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉවත් කර පත් කරන්නට ගිය නිලධාරියාගේ...
ක්‍රීඩා

අපි වෙනස් නොවුණට ලෝකය වෙනස් වෙනවා

ලෝකයට විස්සයි 20 ක්‍රිකට් ආව කාලෙ අපි තමයි හපන්නු. දෙවරක්ම අනුශූරයො වෙලා වරක් ශූරයො වෙන්නත් පුළුවන් වුණා. හැබැයි අද කවුරු හරි කියනවා නම් එදා ගහපු ක්‍රිකට්වලට වඩා අද අපි බැහැලා කියලා... ඒක එච්චර ඇත්ත කතාවක් නෙමෙයි. අපි ඊට වඩා සමහර අංශවලින් දියුණු වෙලා ඇති. එදා ක්‍රීඩකයන් මැනපු මිනුම්දඬුම අරගෙන අද ක්‍රීඩකයන්...
ක්‍රීඩා

බිඳුණු දුරකථනයේ නොබිඳුණු හිමිකරුවා

සෙනෙගාල් ජාතික කණ්ඩායම නියෝජනය කරන සාදියෝ මැනේගේ බිඳුණු දුරකථනය සමඟ වන පින්තූරයක් මුහුණු පොතේ සැරිසැරූ කතාවක් ‘ලංකා’ පිටු අතර රඳවන්නට තීරණය කළා. ප්‍රිමියර් ලීග් තරගාවලියේ රන් සපත්තුව දිනා ගන්නට තරම් වේගවත් ප්‍රහාරකයෙක් වන සාදියෝ, ප්‍රතිවාදී ආරක්ෂක බලමුළු කඩාබිඳ සුනුවිසුණු කරන්නට ඇති අපූරු හැකියාවට ඔහු දිනා ඇති සම්මාන, කුසලතා මෙන්ම ප්‍රිමියර් ලීග්...
ක්‍රීඩා

මිණිපේ මැණික් කැදැල්ලේ වටිනාම මැණික

ජයරත්න සහ පොඩි මැණිකේ යුවළ නමින්ම මැණික් වූහ. රත්න මෙන් ම මැණිකේ යන්නෙහි ද අරුත එබඳුය. මිණිපේ, හඳගනාව ගමේ ජීවත් වූ මේ දෙදෙනාගේ ලෝකයට 1995 අප්‍රේල් 7වන දින එකතු වන ඊ. එම්. බී. ජී මධුෂානි මේ මැණික් අතරට එකතු වූ විට ජයරත්න සහ පොඩිමැණිකේ ඒ දෙපළට මහත් සතුටක් එකතු කළ ද, බොහෝ දෙනා ඒ එකතු වීම අවාසනාවක් සේ දකින්නට ඇත. ඒ...
ක්‍රීඩා

මැලි නොවී ඇඳුම හදා ගන්න

ජාතික ශූරතා තරගවල මූලික තරග ගම්පහට රැගෙන යාම අලු‍ත් ප්‍රවණතාවකි. එය අගය කළ යුතුය. නමුත්, තරගාවලිය පැවත් වූ ‘සුමේධ’ ක්‍රීඩාපිටිය තරග ආරම්භ දිනයේම සිය න්‍යාය පත්‍රයට අනුව පැවැති තරග පුහුණු අවස්ථා නිම කරන තෙක් ජාතික ක්‍රීඩාවේ ජාතික තරගාවලිය පමා කරමින් ක්‍රීඩා කණ්ඩායම් අපහසුතාවකට ලක් කිරීම, ජාතික තරගාවලියක වටිනාකම නොසලකා පරිපාලනය විසින්...
ක්‍රීඩා

2020 හිතුමතේ වනන්නේ නැතිව හරි පාරට යන්න

ගෙවුණු 2019 වර්ෂය ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සුබදායී කාලයක් වූයේ නැත. ජයග්‍රහණ මෙන් ම පරාජයන් ද එක සේ විඳදරා ගැනීමට ක්‍රීඩකයන්ට මෙන් ම ප්‍රේක්ෂකයන්ට ද සිදු වූ වසරක් ලෙස ගෙවුණු වසර ගැන කිව හැකි ය. ජයග්‍රහණය කළ සීමිත තරග ප්‍රමාණය වාර්තා තබා ජය ගත්ත ද, ලැබූ පරාජයන් ද ඒ ආකාරයෙන් ම විය. යම් තරමකින් හෝ සතුටු විය හැකි වූයේ දකුණු අප්‍රිකාවේ දී ලබා ගත්...
ක්‍රීඩා

අලුත් අවුරුද්දෙදි උත්තර දෙන්න

දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය සම්බන්ධයෙන් මතු වූ ඝෝෂාව මැකී යමින් තිබේ. ඒ සිදුවීම්වලට අදාළ බව කියන නිලධාරීහු ද එම තොරතුරු එළියට යාම පිළිබඳව එම ආයතනවල සේවකයන්ට බනිමින්, තර්ජනය කරමින් යහතින් සිටිති. කාගේ හෝ මැදිහත් වීමකින් ඔවුන් සම්බන්ධයෙන් ගැනීමට තිබූ තීන්දු තීරණ හැකිළී ඇත.  ඒ තත්ත්වය මත හෙළි වූ තොරතුරු සම්බන්ධයෙන් ඔවුන් සේවක සේවිකාවන්ට තර්ජනය...
ක්‍රීඩා

ආදරය බෝ කරන වැඩක්

ඉන්දියාවෙ කල්කටා කියන්නෙ සුන්දර අත්දැකීම් පිරුණු නගරයක්ම නෙමෙයි. හැබැයි අසුන්දර මිනිසුන්ගේ නොතකා හැරීම් පහත්වැඩ ආදි නොයෙකුත් දේ වලින් අසරණ වූ මිනිසුන්ට සුන්දර මිනිසුන්ගෙ ආශිර්වාදය සෙනෙහසද ආදරය දැනෙන විදිහට තැණුන ක්‍රියාමාර්ග පිරුණු තැනක්. ඒ වගෙ තැනකදි ලෝකයේ කාර්ය බහුලම මනුස්සෙක්ගෙ සුන්දරකම පසුගිය දවසක එළියට ආවා. ඒක සුන්දරකම කියනවට වඩා පහසුවෙන් මනුස්සකම...
1 2 3 4
Page 1 of 4